අනුරපුර වන්දනාවේ එන බැතිමතුන්ගේ පහසුවට සංවර්ධන ව්‍යාපෘති රැසක්

Published in පුවත්
Wednesday, 22 May 2024 15:18

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.

උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකා රජය සහ සංවර්ධනය පිළිබද ප්‍රංශ නියෝජිත ආයතනය අතර හවුල්කාරිත්වයෙනි.

අනුරාධපුරයේ ස්වභාවික උරුමයන් රැකගනිමින් අනුරාධපුර නගරයේ පූජනීය හා නවීන කොටස් අතර නවීන කොටස් අතර සංවර්ධනය වෙනුවෙන් තුලිත ක්‍රමවේදයක් ප්‍රචලිත කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මේ සදහා වෙන් කෙරුණු මුදල යූරෝ මිලියන 62.4කි. මෙම ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘතීන් 11 ක් ක්‍රියාත්මක කෙරිණි.

මේ යටතේ අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බොධි නැගෙනහිර රථගාල හා දක්ෂිණ රථගාල, මිරිසවැටිය රථගාල, ලංකාරාමය රථගාල යන රථගාල් හතරක් සංවර්ධනය කර අවසන්ය. තිරසාර ජලාපවාහන පද්ධති, කාර්යක්ෂම ක්ෂුද්‍ර ජල සැපයුම් මාර්ග, තණකොල ඇතිරීම සහ ප්‍රවේශපත්‍ර කවුන්ටර සහිත ස්වයංක්‍රීය ගේට්ටු වැනි හරිත සැලසුම් අංග ඇතුළත් නවීන පහසුකම්වලින් මෙම රථගාල් සමන්විත වේ. පූජාභූමිය තුළ විවිධ ආකාරයේ නාම පුවරු සවි කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අවසන් කෙරිණි. ස්ථානය හදුනාගැනීම, එහි පුරාවිද්‍යාත්මක ලක්ෂණවල වැදගත්කම පිළිබද දැනුවත්භාවය වැඩි දියුනු කිරීම සහ සංචාරකයන්ට මෙම වැදගත් ලක්ෂණ හදුනාගැනීමට උපකාර කිරීම මෙහි අරමුණයි. මෙම ව්‍යාපෘති සදහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 468.52 කි. මෙම වැඩිදියුණු කිරීම් අනුරාධපුරය පූජනීය නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම අරමුණූ කරගත් අනුරාධපුර ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම සමග සමපාත වේ.

භූ දර්ශන සහිත ප්‍රෙද්ශයක් සහ වන්දනාකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සදහා සුවපහසු මධ්‍යස්ථානයක් ඇතුළත් කරමින් දුම්රිය පැමිණෙන තෙක් රැදී සිටීමේ පුදේශයක්, අවන්හලක් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත දුම්රිය ප්ලාසා චතුරස්‍රය සංවර්ධන කරන ලදී. වන්දනාකරැවන්ට පහසුකම් සැලසීමේ කාර්යභාරයෙන් ඔබ්බට ප්‍රාෙද්ශීය ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දෙමින් විවිධ අරමුණූ සදහා යොදාගත හැකි හරිත ප්‍රදේශයක් බවට මෙම අවකාශය පරිවර්තනය කෙරේ. මෙම ප්‍රතිලාභ අතර ප්‍රදර්ශන සංවිධානය කිරීම සහ වෙනත් විනෝදාස්වාද වැඩසටහන් පැවැත්වීම ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතියට සමගාමීව සිංහ කණුව වටරවුම නැවත සංවර්ධනය කිරීම, පූජා නගරයට ඇතුල් වන ස්ථානයේ පිළිගැනීමේ සංධිස්ථානයක් පිහිටුවීම සදහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. පූජා නගරය තුළ දුම්රිය ප්ලාසා සහ ඇවිදීමේ මාර්ග වැනි උප ව්‍යාපෘතිවල සම්බන්ධතාව වැඩා දියුණූ කරයි. අනුරාධපුරයේ සංචාරක සංවර්ධනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද්දේ රුපියල් මිලියන 108.10 ක වියදමකිනි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා එළිමහන් රංග පීඨය සහ සුරපුර එළිමහන් රංග පීඨය ලෙසින් රංගශාලා දෙකක් ප්‍රතිසංස්කරනය කරන ලද්දේ අනුරාධපුරයේ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායක වීමේ අරමුණු ඇතිවය. මෙම ව්‍යාපෘතියට සමගාමීව ධර්මපාල මාවතේ භූමි අලංකරණයද සිදු කළ අතර මෙම ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 303.50 ක් වැය කර ඇත.

රුපියල් මිලියන 1795.30ක මුදලක් වැය කර ඉදි කෙරෙණ අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථායේ ඉදිකිරීම් මේ වන විට ක්‍රියාත්මකයි. මෙම මධ්‍යස්ථානය ආපන ශාලා, නිදන ශාලා මෙන්ම නවීන පහසුකම් වලින් සමන්විත වන බව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා පවසයි. අනුරාධපුරයට පැමිණෙන කෙටි හා දුර ගමන් සේවා බස් රථ සේවා හා දුම්රිය සේවා ඒකාබද්ධ වැඩිපිළිවෙලක්ද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ වසර තුළ මෙම අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් අනුරාධපුරයේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ සිය ප්‍රසාදය පල කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් තවමත් අවසන් කර නොමැති ව්‍යාපෘති ද කඩිනමින් අවසන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

- දිනමිණ

Last modified on Wednesday, 22 May 2024 15:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us