යුවරාජ්, ලොව වේගවත්ම මිනිසා පරදවයි

Published in පුවත්
Wednesday, 03 September 2014 09:52

කෙටි දුර ධාවන ඉසව්වකදී ලෝකයේ වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පරාජය කිරීමට ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක යුවරාජ් සිං සමත්වී ඇත. යුවරාජ් සිං මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාවේ චින්න ස්වාමි ක‍්‍රීඩාංගණයේ පැවති ප‍්‍රදර්ශන තරගයකදිය.

අතරමගදී උසේන් බෝල්ට් තරගය අතහැර දැමු  බවද යුවරාජ් සිං ජයග‍්‍රාහණය ලබා ගත්තේ ඒ අනුව බවද එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසයි. එම තරගයේදී යුරාජ් සිං ධාවනයේ යෙදෙන අතර තුර උසේන් බෝල්ට බාධා එල්ල කර ඇත. 

 උසේන් බෝල්ට් විසින් මෙහෙයවන  ලද කණ්ඩායමක් සහ යුවරාජ් සිං විිසින් මෙහෙයවන ලද කණ්ඩායමක් අතර ප‍්‍රදර්ශන ක‍්‍රිකට් තරගයක් ද මෙහිදී පැවැත්විණ .

 එක් කණ්ඩායමකට 07 දෙනා බැගින් වු මෙම තරගය කණ්ඩායමකට පන්දුවාර 04කට සීමා වු එකකි.  පළමුවෙන් පන්දුවට පහරදුන් යුවරාජ්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 04 දී ලකුණු 58ක් ලබා ගත්තේය. 

 ඉනිමේ අවසන් පන්දුවේදී එම ලකුණු සංඛ්‍යාව අභිඹවා යමින් ජයග‍්‍රාහණය ලබා ගත්තේ උසේන් බෝල්ට්ගේ කණ්ඩායමයි.

 එහිදී උසේන් බෝල්ට් 06 පහර 05ක් සමග පන්දු 19කදී ලකුණු 45ක් ලබා ගැනීම කැපී පෙනෙන කරුණක් විය. ඒවායින් 06 පහර 03ක් ද ඔහු විසින් එල්ල කරන ලද්දේ යුවරාජ් සිංගේ පන්දු හමුවේය. 

උසේන් බෝල්ට්ගේ පළමු ඉන්දිය සංචාරය ද මෙය වේ.

(නෙත් එෆ්.එම්) 

Bolt-www.nethfm.com-02

Bolt-www.nethfm.com-05

Bolt-www.nethfm.com-06

Bolt-www.nethfm.com-08

Bolt-www.nethfm.com-10

Bolt-www.nethfm.com-15

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us