අර්තාපල් ගොවියෝ නි.ඇමතිට 'හු' කියති.

Published in පුවත්
Wednesday, 03 September 2014 09:48

අර්තාපල්වලට ස්ථීර මිලක් ලබාදෙන ලෙස හා සතොස මඟින් ක්‍රමවත් ආකාරයට දේශීය අර්තාපල් මිල දී ගන්නා ලෙස ඉල්ලා වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පැවැත්වූ විරෝධතා පා ගමන සාකච්ඡා කර විසඳීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හට ගොවීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාව හමුවේ පසුබැස යෑමට සිදු විය.

ඊයේ  උදෑසන රථ වාහනවලින් බොරලන්ද ප්‍රදේශයේ සිට වැලිමඩ නගරයට විරෝධතාවකට පැමිණි ගොවීන් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරයා එරබද්ද පාලම අසලදී විරෝධතාව පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණියේය. මෙහිදී ගොවීන් තමන් පත්වී ඇති අස්ථාවර තත්ත්වය සතොස මඟින් අර්තාපල් මිලදී ගැනීම ක්‍රමානුකූලව සිදු නොවන බවත් අමාත්‍යවරයා හට පහදා දුන්නේය. අමාත්‍යවරයා උද්ඝෝෂණය නතර කරන ලෙසත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවත් කීය.

එමෙන්ම විශාල ලෙස අර්තාපල් අස්වනු නෙළන්නේ නොමැතිව ක්‍රමානුකූලව අස්වනු නෙළා රැගෙන එන ලෙස ගොවීන් හට පැවැසීය.

මෙහිදී උරණ වූ ගොවීහු අමාත්‍යවරයා හට බලවත් ලෙස විරෝධය පා කෑකෝ ගසමින් 'හූ' කියන්නට වූහ.

එම අවස්ථාවේදී අදාළ ස්ථානයෙන් ඇමැතිවරයා ඉවත්ව ගිය අතර ගොවීහු කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයටද අනතුරුව වැලිමඩ නගරයේද විරෝධතාවයේ නිරත වූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us