ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස උසස් කෙරේ

Published in පුවත්
Thursday, 23 May 2024 10:36

කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයක සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තුන් වන ජාතික රෝහල ලෙස කාණ්ඩ ගත වීම සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us