වැඩි කළ වතු කම්කරු වැටුප් ගෙවීමට අසමත් නම් බදු ගිවිසුම් අවලංගු කිරීමේ තීරණයක්  

Published in පුවත්
Thursday, 23 May 2024 10:48

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීම ලබා දීමට වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීම,

එලෙස ඇස්තමේන්තු ගත කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරීක්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීම,

කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, එම යෝජනා තුනයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us