සිදු වූ ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට

Published in පුවත්
Friday, 24 May 2024 12:42

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 104.6ක් ලෙස වාර්තා වුණේ, නුවරඑළිය - වටවල ප්‍රදේශයෙනි.

ඔවුන් පවසා සිටින්නේ නිරිතදිග මෝසම ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමග ප්‍රදේශ රැසකට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් පවතින බවයි.

තද වැසි සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි මෙන්ම පුද්ගල මරණ හයක්ද වාර්තා වි තිබේ.

වර්ෂාවත් සමග හංවැල්ල වග ප්‍රදේශයේ මාර්ගයකට කඩා වැටුණු පුළුං ගසකට යටවීමෙන් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වග ප්‍රදේශයේ පදිංචි උපුල් අනුරුද්ධ ලියනගේ නම් 47 හැවිරිදි දෙදරු පියෙකි.

මේ අතර, පුත්තලම මුන්දලම හන්දිය ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට ගසක් කඩාවැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගියේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණියක් වන අතර අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර, හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම හා බද්දේගම අතර කොටසේදී අධිවේගී මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර පසුව බලධාරීන් එක්වී එක් මංතීරුවක් විවෘත කර වාහන ධාවනයට ඉඩ සලසා දුනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us