වර්ෂාව ලැබීමත් සමග දිවයින පුරා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්

Published in පුවත්
Friday, 24 May 2024 13:32

ලබන විසිහයවැනිදා (26වැනිදා) සිට මැයි මස පළමු වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස්දී තිබෙන්නේ වර්ෂාව ලැබීමත් සමග දිවයින පුරා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් එම අවදානම අවම කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන්දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද සකස් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මෙම වැඩපිළිවෙළට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කිරීමට පියවරගෙන ඇත.

මැයි මාසයේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් එක්දහස් අටසිය දාසයදෙනකු වාර්තා වී ඇති අතර මරණ නවයක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

 

- අරුණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us