මාතර වෙඩි තැබීමක් - තොරතුරු රැසක් සොයාගනී

Published in පුවත්
Monday, 27 May 2024 10:44

මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.

තවත් වෙඩිතැබීමක සැකකරුවෙකුට මෙලෙස වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පැවසෙයි.

මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

මිදිගම පිටිදූව පාරේ පදිංචි සුදේෂ් මධුසංක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු අද උදැසන සිය දරුවන් දෙදෙනා බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත රැගෙන ආ අවස්ථාවේදී එම පුද්ගලයා ඉලක්ක කොට මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති.

⁣වෙඩිතැබීමට ඉලක්කය වූ පුද්ගලයා නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' යන අයගේ පාර්ශ්වයේ පුද්ගලයකු වන අතර ඔහුට විරුද්ධව 2022.01.20 වන දින මිදිගම තුර්කි ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී මේ වනවිට ඇප මත නිදහස්වී සිටින අයෙකි.

මෙම වෙඩිතැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් වැටී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us