ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යයි

Published in පුවත්
Monday, 27 May 2024 13:11

අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.

මෙම ගංගා සියල්ල අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර පවසයි.

ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් දැනුම්දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ අද උදෑසන වාන් දොරටු 4ක් විවෘත කර තිබේ. ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ.

කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 80ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ. ඒ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යා හැකි අතර ඒ හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම්දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us