අයහපත් කාලගුණය නිසා බෝංචි ගිනි ගණන් ! මාළු මිළත් ඉහළට

Published in පුවත්
Thursday, 30 May 2024 10:18

මේ වන විට වෙළඳපොලේ බෝංචි මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවති. අස්වනු හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව සඳහන් විය.

ඊයේ (28) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි තොග මිල රුපියල් 880ත් 950ත් අතර අගයක පැවතියේ ය.

එමෙන්ම, දඹුල්ල, පෑලියගොඩ, තඹුත්තේගම, කැප්පෙටිපොල, නුවරඑළිය මෙන්ම බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල ද එම මිල රුපියල් 600ත් 750ත් අතර පැවතිණ.

මේ අතර, මාළු අස්වැන්න අඩු වීම හේතුවෙන් වෙළඳ පොළෙහි මස් මිල රු.50කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (29) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේෂ් චිකන් තොග මිල රු.1080 ක අගයක පැවතියේ ය.

මේ අතර, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහත පරිදි වේ.

ෆ්‍රේෂ් මස් - රු.1200

සම සහිත - රු.1100

ශිතකල - රු.1100

කරි චිකන් - රු .1100

හබඩ් - රු .1400

එළු මස් - රු .3300

හරක් මස් - රු. 2500

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us