ශ්‍රී ලංකාව ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය වෙයි Featured

Published in පුවත්
Thursday, 30 May 2024 10:04

සංචා­රක ආක­ර්ෂ­ණය අතින් කලා­පීය රට­වල් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලංකාව ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ලෙස නම් කර තිබේ.

ඉන්දීය ජන­මාධ්‍ය ආය­ත­න­යක් වන ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ විසින් මේ ලැයි­ස්තු­ගත කිරීම සිදු­කර ඇත. ඒ අනුව ‘ආසි­යාවේ ජන­ප්‍රි­යම සංචා­රක ගම­නාන්ත’ අත­රට ශ්‍රී ලංකාව ද නම් කර තිබේ. ශ්‍රී ලංකා­වට එම ලැයි­ස්තුවේ දෙවැනි ස්ථානය හිමිව තිබීම ද විශේ­ෂ­ත්ව­යකි.

Times Travel විසින් ශ්‍රී ලංකාව පෙන්වාදී ඇත්තේ රටේ පොහො­සත් සංස්කෘ­තික උරු­ම­යන්, සිත් ඇද­ග­න්නා­සුලු වෙරළ තීර­යන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධ දූප­තක් ලෙසයි. ඉන්දු­නී­සි­යාව, තායි­ල­න්තය, ඉන්දි­යාව, විය­ට්නා­මය, නේපා­ලය සහ ජපා­නය යන රට­වල් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස ලැයි­ස්තු­ගත කිරීම සිදු කර තිබෙන බව ද වාර්තා වෙයි. මෙවැනි තත්ත්ව­යක් තුළ 2023 වර්ෂ­යට සාපේ­ක්ෂව මේ වස­රේදී විශාල සංචා­ර­ක­යන් පිරි­සක් මෙර­ටට පැමිණ තිබෙන අතර, මේ වසරේ මැයි මාසයේ මේ දක්වා කාලයේ විදෙස් සංචා­ර­ක­යන් 79,431 දෙනකු පැමිණ තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us