සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම රජය ගන්නවා

Published in පුවත්
Thursday, 30 May 2024 14:33

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය ඉදිරියටත් හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සංචාරක අමාත්‍යාංශයේ මග පෙන්වීම මත සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් තිරසර සංචාරක සහතික කරන වැඩසටහන කොළඹ දී පැවැත්වුණා.

ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැසඩටහනේ බයෝෆින් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිවයි.

කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරවල තිරසර සංචාරක වැඩසටහනට සම්බන්ධ පිරිස ඇගයීම මෙම වැඩසටහනේ අරමුණයි.

දිවයින පුරා තෝරා ගත් සිය දෙනෙකු වෙනුනෙන් සහතික පත් ප්‍රදානය ද මෙහිදි සිදුකෙරුණා.

“අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර සංචාරක ව්‍යාපාරයේ නිරතවන බොහෝ පිරිසක් ඉන්නවා. ඉන් 5%ක් නියෝජනය කරන්නේ කාන්තාවන්. මේ පිරිස තවදුරටත් වැඩි කිරීමයි අපේ බලාපොරොත්තුව.

ඒ වගේම හරිත සංචාරක වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කළ යුතු වනවා.

වගකීමක් සහිත සංචාරක ව්‍යාපාරයක් බිහි කිරීමයි මගේ අරමුණ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න හැකි සෑම පියවරක්ම ගන්න මම සුදානම්”

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us