මෙරට හිටපු හමුදා සෙබළුන් සොයන්න නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවට !

Published in පුවත්
Thursday, 30 May 2024 14:54

රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.

මාධ්‍ය අමතමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ඒ බව පැවසීය.

ඔහු පැවසුවේ මෙරට නියෝජිත පිරිස ජුනි 5 - 7ත් අතර කාලසීමාවේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන් අතර එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බව තාරක බාලසූරිය මහතා පැවසීය.

මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us