ලෝක දුම්වැටි නිවාරණය දිනය අදයි . දුම්වැටි භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයින් 50 ක් මරණයට

Published in පුවත්
Friday, 31 May 2024 11:35

ලෝක දුම්වැටි නිවාරණය දිනය අදට (31) යෙදී තිබේ.

‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු’යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව වෙයි.

මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පමණ අඩු වී තිබේ.

ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණ ද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

පවතින තත්ත්වය හමුවේ තරුණයින් සහ ළමුන් දුම්වැටි භාවිතයට යොමුකරවීම සඳහා බහුජාතික දුම්කොළ සමාගම් කූට උපක්‍රම ගණනාවක් දියත් කරමින් සිටින බවද සඳහන් ය.

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් මරණයට පත් වන බවද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

කෙසේවුවද පාසල් සිසුන්ගෙන් සියයට 5.7ක් දුම්වැටි පානය කරන බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us