චෝදනා ලබා සිටි කබ්රාල් නඩුවෙන් නිදහස්

Published in පුවත්
Friday, 31 May 2024 11:42

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිය විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කර නොතිබූ බවය.

නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ අප්‍රේල් මස 02 දා යැයි පෙන්වා දුන් මහාධිකරණ විසුරුවරයා, ඒ අනුව නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයකට පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බව පෙන්වා දුනි.

ඒ අනුව මෙම අධි චෝදනා පත්‍රය නීතිය ඉදිරියේ වලංගු භාවය අභියෝගයට ලක්කර ඇති හෙයින් ඔවුන්ට එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us