'දරුවන්ගේ කෑම විකුණන දැන්වීම්වලට ඉන්න එපා'

Published in පුවත්
Wednesday, 03 September 2014 18:00

දරුවන්ගේ ආහාර පාන සඳහා වන වෙළඳ දැන්වීම්වලට පෙනී නොසිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නළු නිළියන්ගෙන් හා ක්‍රිඩකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බොහෝ ආහාර පාන මේ වන විට වෙළඳ‍පො‍ලේ අලෙවි වන බැවින් ඒ සඳහා රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් පෙනී සිටිමින් වැරදි පණිවිඩ සමාජයට දීම හේතුවෙන් විශේෂයෙන්ම දරුවන් එම ආහාර වලට පෙළඹීම බහුල වශයෙන්ම දක්නට ලැබෙන බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි.

වැරදි ආහාර රටාවන්ට ගොදුරු වීම හේතුවෙන් මේ වන විට දරුවන්ගෙන් සියයට 30ක ප්‍රතිශතයක් ස්ථූලතාවයට හෝ අධිබර ‍පෝෂණයෙන් පෙළෙන බව හෙලිව ඇති බවත් මෙය අනාගතයේදී දරුවන් බෝනොවන රෝග රැසකට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවත් හෙතෙම පැවසීය.

දරුවන්ගේ පෝෂණ තත්තවය වහාම නිවැරදි නොකලහොත් වසර 2020දී මෙය සියයට 50 දක්වා ඉහළ යන බව ලෝක සෞඛය සංවිධානය පෙන්වා දී ඇතැයි වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.

Last modified on Wednesday, 03 September 2014 18:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us