චමිලා අපහරණය කර මරා දැමූ දොස්තර පෝරකයට

Published in පුවත්
Wednesday, 03 September 2014 18:17

මීගමුව රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ඇඟළුම් සේවිකාවක දූෂණය කර එහි 06 වැනි මහලෙන් බිමට තල්ලූකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය අද (03) මරණ දඬුවම නියම කළේය.

 මහාධිකරණ විනිසුරු එච්.එච්.ඒ. ගෆූර් මෙලෙස මරණ දඬුවම නියම කළේ එම රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ ඉන්දික සුදර්ශන බාලගේ නැමැති වෛද්‍යවරයාටය. 

2007 වසරේදී මොණරාගල පදිංචි චමිලා දිසානායක නැමැති 22 හැවිරිදි තරුණියක ඔහු විසින් මෙලෙස ඝාතනය කර තිබිණ. 

ඒ අනුව විත්තිකරුට ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම ද, තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක් ද නියම කර තිබේ.

සුදර්ශන බාලගේ අතින් ඝාතනයට ලක් වූ බැව් කියූ එම තරුණිය සිහිනැති කොට ඝන කාඩ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක විසින් නඩු විභාගය පැවැත්වෙන අතරතුර සාක්ෂියක් ද ලබා දී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us