'බිලි පූජාවට බලපත්‍ර අවශ්‍යයි'

Published in පුවත්
Thursday, 04 September 2014 09:19

හලාවත, මුන්නේෂ්වරම ශ්‍රී භද්‍රකාලි දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව නිසි බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අභියාචනාධිකරණය මිට පෙර තීන්දු කර තිබුණේ අදාළ සත්ව බිලි පූජාව නිදහසේ පැවැත්වීමෙන් සත්ව හිංසා පනත උල්ලංඝනය වන අතර ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් නිසි බලපත්‍රයක් ලබා ගත යුතු බවයි.

නිසි බලපත්‍ර නොමැතිව සත්ව බිලි පූජාව පවත්වනු ලැබුවොත් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය පවතින බවද එම නඩු තීන්දුවේ සඳහන් කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව දේවාල පරිපාලනය ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින්  අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ මෙම නියෝගය කළේය. 

මෙම තීන්දුව තමා අගය කරන බව සත්ව සුබසාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

‘මේ තීන්දුව අපි අගය කරනවා. මින් පසුව සත්ව බිලි පූජා නිදහසේ පවත්වන්න බැහැ. ඒ සඳහා අදාළ ආයතන වලින් බලපත්‍ර ලබාගත යුතුයි.’ ඇය ප්‍රකාශ කළාය.

ජාතික සංඝ සම්මේලනයේ පාහියංගල ආනන්දසාගර හිමියෝ අදහස් දක්වමින් මෙම තීන්දුව අගය කරන බව කියා සිටියහ.

‘බිලි පූජා දැන් දිවයින පුරා පැවැත්වෙනවා. ඒවා නැවැත්වීමට බලධාරීන් පසුගිය කාලයේ ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ. ඊට එරෙහිව අපි සටන් කළා. අද එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා.’ උන් වහන්සේ ප්‍රකාශ කළහ.



කෝවිලේ ප්‍රතිචාරය

මේ අතර, ශ්‍රී භද්‍රකාලි දේවාල පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ මෙම තීන්දුව පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

නමුත් මේ පිළිබඳව කළ විමසීමක දී මුන්නේස්වරම ශ්‍රී භද්‍රකාලි කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාතසුන්දරම් කියා සිටියේ වසර තුන්සියයක් පමණ තිස්සේ කර ගෙන ආ මෙම පූජාව පසු ගිය තුන් වසර පුරා පැවැත්වීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවයි.

‘කාලි අම්මට අවශ්‍යම පූජාව තමයි මේක. ඒකට හැම අතින් ම අවහිර කරනවා. අපේ ආගමේ හැටියට ප්‍රධාන ම පූජාව කර ගන්න බැරි වෙනවා.’ ප්‍රධාන පූජකවරයා පැවසීය.

දිනකට දහස් ගණනක් සතුන් ආහාරය සඳහා ‘මස් කඩවල කැපෙද්දී’ වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන පූජාව තමාට කර ගැනීමට නොහැකි වී ඇති බව ද මුන්නේස්වරම ශ්‍රී භද්‍රකාලි කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාතසුන්දරම් තවදුරටත් කියා සිටියේය.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us