අද වැඩිම වර්ෂාපතය වරකාපොළ ප්‍රදේශයෙන්

Published in පුවත්
Monday, 03 June 2024 08:54

අද (03)උදෑසන 5.30 න් අවසන් වූ වැඩිම වර්ෂාපතය වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම අගය මිලිමීටර් 246 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ට වැඩි ඉතා තද වැසි ඇති වනු ඇති .

මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් ය.

මේ අතර, දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරිණ.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ, පාදුක්ක, මතුගම, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, රුවන්වැල්ල,දෙහිඔවිට,දැරණියගල,වරකාපොළ,යටියන්තොට, රත්නපුර,පැල්මඩුල්ල, කුරුවිට, අයගම, ඇළපාත, කිරිඇල්ල, නිවිතගල, කලවාන සහ ඇහැළියගොඩයි.

එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us