අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10 ක් මරුට ! 20කට තුවාල !

Published in පුවත්
Monday, 03 June 2024 09:14

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.

ඒ අනුව පවුල් 9,764කට අයත් පුද්ගලයින් 36,504 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 5,174 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිවාස 4,119ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 28ක් පුර්ණ වශයෙන් හානියට පත් ව තිබේ.

මේ අතර ඊයේ පස්වරු 6න් අවසන් වු පැය 24තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ පලවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 377 අගයක් ගෙන තිබේ.

අද දිනය තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලමීටර් 150 ඉක්ම වු වැසි ඇති වියහැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මේ අතර අද (03) අලුයම නිකුත් කර ඇති නිවේදනයක් අනුව නිල්වලා ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට පවතින ගංවතුර තත්ත්වය තවදුටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් වන පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර හා අකුරැස්ස යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල අද දිනය අවසන් වන තෙක්ම තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතිය හැකිය.

මේ අතර, පහල ප්‍රදේශවලදී ගඟේ ජලමට්ටම තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් පැය 2ක පමණ කාලයක් තුළ ගල්බන්ඩ් නමින් හඳුන්වන BR5 බැම්ම සුළු වශයෙන් උතුරා යෑමේ වැඩි ඉඩක් පවතී.

එසේ වුවද නිල්වලා ගංවතුර ආරක්ෂිත බැමිවලින් ආරක්ෂිත ප්‍රදේශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් මේ වනවිට රැඳී නොමැති බැවින් එසේ උතුරා යන ජලය හේතුවෙන් ගංවතුර බලපෑමක් නොමැති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us