විවාදය රනිල්- අනුර අතර සජිත් ලෙෆ්ට් ? Featured

Published in පුවත්
Monday, 03 June 2024 10:09

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මුල් පෙළේ කෙනකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසිවී යන බැවින් ඊට පෙර විවාදයට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් විශ්‍රාමික පොලිස් සාමූහිකයේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සමගි ජන බලවේගය නොයෙක් කාරණා කියමින් විවාදය මඟ හැරීමට උත්සාහ කරන්නේ නම් තවත් දින කිහිපයක් බලා මේ විවාදය පැත්තකට දමනවා. විවාදයක් පවත්වනවා නම් ඒක කළ යුත්තේ ජනපති අපේක්ෂකයන් අතර බව සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයකුටත් තේරෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස සජිත්ට තිබෙන පදනම තව ටික දවසකින් නැති වෙනවා. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලිමාවේ නායකයා අතර තමයි බොහෝ විට මේ සංවාදය පවත්වන්න වෙන්නේ. සජිත්ට විවාදයක් කරන්න ඕනෙ නම් ඉක්මනින් දැන්ම කරගන්න එක හොඳයි. මොකද එයා මුල් පෙළේ අපේක්ෂකයෙක් කියන පදනම නැති වෙනවා. ඊට පස්සේ ඇත්තටම එයා එක්ක විවාදයක් කර වැඩක් නෑ.

සජිත්ට මේක ඇද ඇද ඉන්න දෙයක් නෑ. ඇත්තටම මේක අපට වගේම රටටත් හරි කරදරයක්. ඒ නිසා ඔය සංවාදයට ඇවිත් මේක ඉවරයක් කරගන්න කියන එක තමයි අපි සජිත්ට සහ සමගි ජන බලවේගයට කියන්න තියෙන්නේ. ඔය සංවාදය කළා කියලා දැන් තිබෙන ජනමතය වෙනස් වෙන්නේ නෑ. විවාදයේදී මොනවා කතා කළත් ජනතාව ගෙන තිබෙන තීරණයකට එයින් කිසිම බලපෑමක් වෙන්නේ නෑ.”

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us