ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක්

Published in පුවත්
Monday, 03 June 2024 09:55

ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට අදාළ උපදෙස් ලැබී ඇති බවද සඳහන්ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සහ ඉලක්කවලට අනුකූලව අතුරු සම්මත ගිණුමක් සකස්විය යුතු බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වෙන අතර එම කාලය තුළ අයවැයක් සම්මත කිරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන්ය.

එම නිසා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම වඩාත් සුදුසු බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී කරුණු හුවමාරු වී තිබේ.

මේ අතර මැතිවරණ කාල සීමාව තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ තිරසර බව තහවුරු කිරීමට අවශ්‍ය ඉලක්ක වෙත ළඟාවීමට අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයා විසින් සම්පාදනය කර ඇති බව සඳහන්ය.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ පවතින මීළඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ගැටලුවලින් තොරව ළඟාකර ගැනීමට හැකිවන පරිදි එම ඉලක්ක සකස්කර තිබේ.

මීළඟ කාර්ය මණ්ඩල සංචාරය දෙසැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිත අතර මීළඟ වාරිකය ලබන වසරේ පළමු කාර්තුවේ දී ලබා දීමට නියමිතය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us