අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ

Published in පුවත්
Monday, 03 June 2024 13:14

අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට ආරංචිමාර්ග විසින් පවසා සිටියි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ 4 වන වගන්තිය උපදේශනය හා දෙවන සමාලෝචනය ලබන සතියේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාව එළඹෙන ජූනි 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් රැස්වීම් න්‍යාය පත්‍රයට එක්කර ඇති බවයි.

එම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇති.

පසුගිය වසරේ දෙසැම්බරයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනය අනුමත කරන ලද අතර, එමඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 337ක් ලබා ගැනීමට හැකි විය.

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය හා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය ලබාගැනීමට සාර්ථක සමාලෝචනයක් සඳහා සියලු රටවල අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us