ජල ගැලීම් හමුවේ පීඩිත ජනතාව වෙනූවෙන් ගුවන් හා නාවික හමුදාවෙන් සහාය

Published in පුවත්
Monday, 03 June 2024 13:27

පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා එළිකොප්ටර් යානා තුනක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි

එමෙන්ම ආපදා තත්ත්වයන් හමුවේ මුදා ගැනීමේ බට පිරිස් ද ලැබෙන බව ඉල්ලීම්වලට අනුව යොමු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කර සිටියේය. 

එපමණක් නොව  ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කළ නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රාවලින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බව නාවික හමුදාව පැවසීය.

එම කණ්ඩායම් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් අපදාවට පත්ව සිටින ජනතාවට සහන සළසන බවත්
අද (3) පෙරවරුව වන විට පුද්ගලයන් 36 ක් මුදාගැනීමට සහ පුද්ගලයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් යාත්‍රාවලින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන බෙදාහැරීම ඇතුළු සහන සැලසීමට කටයුතු කර ඇති බවත් නාවික හමුදාව කීය.

නාවික හමුදාව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, සීතාවක සහ හංවැල්ල යන ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක්, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් අටක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙත සහන කණ්ඩායමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, බද්දේගම සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් සහ මාතර දිස්ත්‍රික්කයේ මාතර, මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම සහ කඹුරුපිටිය ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් 12 ක් ලෙස වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් 33 ක් ආපදා සහන මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ද නාවික හමුදාව කියයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 60 ක් සූදානමින් තබා ඇති බ ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.

 

Last modified on Monday, 03 June 2024 13:27

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us