ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවයි

Published in පුවත්
Tuesday, 04 June 2024 12:06

ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03)දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ 210කගේ සියලු අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් ඒ අනුව අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී.ආර්.ඕ සංවිධානය, ජාතික තව්දිහ් ජමාත් හෙවත් එන්.ටී.ජේ සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානය ඇතුළු සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අක්‍රීය කර තිබේ.

ඊට අමතරව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයින් 113 දෙනෙකුගේ සියලු මුදල් හා වත්කම් ද අක්‍රීය කර ඇති බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us