'සජිත් වැඩට එන්න පොරොන්දු වුනා' - තිස්ස

Published in පුවත්
Thursday, 04 September 2014 09:39

 මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මෙන්ම පක්ෂ සම්මේලනයටද එක්වන බවට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා තමන්ට දැනුම්දී ඇතැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය. 

සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා ඌවේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල සහ ලබන 6වැනිදා පස්සරදී පැවැත්වෙන පක්ෂයේ 68 වන සම්මේලනයට සහභාගිවන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ඊට ප‍්‍රතිචාර දක්වමින් එබව සඳහන් කළේය.

ඒ අනුව, තමාට නියෝජ්‍ය නායකධුරය ලබාදෙන ලෙස බලකරමින්, ඌව පළාත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මෙතෙක්‌ සහභාගි නොවූ එක්‌සත් ජාතික පක්‌ෂ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ලබන 07 වැනිදා සිට මැතිවරණ කටයුතු සඳහා සහභාගි වනු ඇත. 

 ඒ මහතා මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ නමුනුකුල ප්‍රදේශයේදී ජනහමුවක්‌ පවත්වමින් ඌවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 

ඒ අනුව මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය ලබාදීමට නියමිත බව  ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Last modified on Thursday, 04 September 2014 10:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us