“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ නමින් ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 04 June 2024 13:04

ජාත්‍යන්තර යහපරිචයන් ද සැලකිල්ලට ගනිමින්, විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබ ඇත සමාලෝචනයකින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වඩාත් ඵලදායී අයුරින් මෙහෙයවීමේ සහ සංවර්ධනය සඳහා ඒකාබද්ධ නියෝජිතායතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ, ජාතික අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ආයතනික සහ නෛතික රාමු ප්‍රතිනිර්මාණය කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා කැපවූ තනි අස්ථිත්වයක් වශයෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ නමින් යෝජිත ආයතනය පිහිටුවීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 

 

 

- ada derana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us