මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 58ක් 2024 දී අවසන් කිරීමට පියවර

Published in පුවත්
Tuesday, 04 June 2024 13:17

රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එම වාර්තාව අනුව, 2024 වර්ෂයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 171ක් ක්‍රියාත්මක වේ.

 

ඉන් ව්‍යාපෘති 09ක් හැර, අනෙකුත් සියලුම ව්‍යාපෘති 2026 වර්ෂය අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර තිබේ. 

ඒ අනුව, නව ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය අවකාශය සලසා ගැනීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, භෞතික ප්‍රගතිය 80%කට වැඩි ව්‍යාපෘති 58ක ක්‍රියාකාරකම් 2024 වර්ෂය තුළ නිම කිරීමටත්, ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති සඳහා තවදුරටත් මුදල් ආයෝජනය කිරීමට පෙර එවැනි ව්‍යාපෘති පිළිබඳව අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරි නිලධාරි කමිටුව වෙත යොමු කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us