ස්ථාන 97 ක විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක්රැස් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරයි

Published in පුවත්
Tuesday, 04 June 2024 14:55

ස්ථාන 97 කදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක්රැස් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

පළාත් හතරක පිහිටවු මධ්‍යස්ථාන අනූහතකදී ඊයේ ආරම්භ වු මෙම වැඩසටහන අද දිනයේ ද ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වැඩසටහනේ සමාරම්භය පරිසර අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

මේ වන විටත් බස්නාහිර දකුණ, නැගෙනහිර හා ඌව පළාත්වල විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එක්රැස් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ වසරකට ඉලෙක්ට්‍රොනික කසළ ටොන් අති වශාල ප්‍රමානයක් මහ පොළොවට එක්වන නිසා අවසානයේ ඒවායේ අන්තර්ගත රසායනිකයන් අප පරිහරණයට ගන්නා ජලයට මෙන්ම ආහාර ද්‍රව්‍යන්ටද මුසු වන බවයි.

වසරකට අප ඉවත් කරන ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් අපද්‍රව්‍ය බොහොමයකි. ඔබ අපි නිරන්තරයෙන් භාවිත කරන ජංගම දුරකතන චාජරයේ සිට පරිගණක, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර, විදුලි පංකා, මුළුතැන්ගෙයි විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ, බැටරි, DVD මෙන්ම CD තැටි, මුද්‍රණ යන්ත්‍ර පමණක් නොව කැඩුණු නොකැඅඩුණු CFL මෙන්ම LED බල්බ, භාවිතයට ගත නොහැකිව ඉවත දමන ශීතකරණ, වායු සමිකරණ යන්ත්‍ර සියල්ල E- Waste හෙවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය සියලු දේට මුල නොදැනුවත් කම වුවද, සියල්ලේම අවසානය මහ විනාශයකින් කෙළවර වන්නේ නම් ඊට අපි පිළියම් සෙවීම ඇවැසිය.

නිවසේ විදුලි බල්බයක් භාවිතයෙන් පසු ඉවත් කරන්නේ කෙසේද? තම නිවසේ ඉදිරිපිටින් යන භාවිතයෙන් ඉවත දමන බඩු එකතු කරන රථවලට මේවා ලබා දෙන්නට පුරුදු වී සිටියද සමහරු පොළොවට පස් වන්නට හෝ ගිනි ගෙන දැවෙන්නට ඉඩ හරින්නේ දිගුකාලීන විපාකයන්ට අත වනමිනි.

Last modified on Tuesday, 04 June 2024 15:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us