විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Tuesday, 04 June 2024 15:20

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම තීන්දුව පහත පරිදි වෙයි.

නිවේදනය

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා විදුලිබල” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

එකී තීන්දුව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය පහත පරිදි සාරාංශ කර ඇත:-  

  • සමස්තයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවද පනත් කෙටුම්පතෙහි 1(2) සහ 1(3) වගන්ති සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
  • 3(6)(අ) වගන්තිය සහ 10(1)(ඇ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

 

  • 11 (1) වගන්තියේ පළමු ව්‍යතිරේකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
  • 17 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවද එම  වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇති අතර සරල බහුතරයෙන් එම වගන්තිය සම්මත කල හැකි වනු ඇත.

 

  • 18(3)(ඉ)(ii) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවද එම  වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ  යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත

 

  • 18(3)(ඊ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට සහ 14(1)(උ) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවද එම  වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

 

  • 18(5)(ආ)(ii) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ  යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
  • 21 වගන්තිය සහ 23 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

 

  • 38 (2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවද එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ  යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
  • 48 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 76 යන  ව්‍යවස්ථාවන්  සමඟ කියවිය යුතු 4(අ) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් එය අනුමත කළ යුතුය.
  • 53 වගන්තියයේ “ජාතික ජාලකය” යන වචනය සඳහා දී ඇති අර්ථ නිරූපනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවද එම අර්ථ නිරූපනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.    

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

 
 
 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us