ජනාධිපති රනිල්ගෙන් නරේන්ද්‍ර මෝදිට සුබපැතුම්

Published in පුවත්
Tuesday, 04 June 2024 23:38

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවය.

එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවද එමගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී සිටී.

ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ ඔහුගේ පක්ෂය අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ආසන 297 ක් දිනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොග්‍රස් පක්ෂය’ අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා ගෙන ඇත්තේ ආසන 234 කි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මෝදිගේ මෙවර ඉලක්කය වූයේ පාර්ලිමේන්තුවේ ආසන 400 සීමාව පසු කිරීමටය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us