අදත් පළාත් කිහිපයකට වැසි ! ගංගා කිහිපයක ජල මට්ටම පහළ යද්දී සෙසු ගංගා වලට තවදුරටත් අනතුරුඇඟවීම්

Published in පුවත්
Wednesday, 05 June 2024 08:53

අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ඇත.

මේ අතර කළු ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ.
කළු ගඟ අවට පහත්බිම්වල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

මේ අතර ගිං සහ නිල්වලා ගංගා ද තවදුරටත් පවතින්නේ මහා ගංවතුර මට්ටමේයි.

අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර සඳහා නිකුත් කර තිබූ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක් සඳහා දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, දැනට අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ පවතින ගංවතුර තත්ත්වය පහළ ප්‍රදේශවලදී තවදුරටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.

ඒ අනුව ගම්පහ, ජාඇල, කටාන, වත්තල සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

සෙසු ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු සකුරා දිල්තරා මහත්මිය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us