වතුර මට්ටම අඩු වෙද්දී බෝවන රෝග රැසක අවදානමක් !,

Published in පුවත්
Wednesday, 05 June 2024 09:04

ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ, පාචනය වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මීය සඳහන් කළේ, ඒ හේතුවෙන් ජලය තුළ බැස සිදු කරන කටයුතු වඩා විමසිලිමත්ව කළ යුුතු බවයි.

ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇත.

එහිදී දැක්වෙන්නේ හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැකි බවින් හැකිතාක් ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතු බවයි.

මේ අතර යම් කිසි පුද්ගලයකුට ශරීරයේ යම් අපහසුතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1999 කෙටි දුරකතන අංකය අමතන ලෙස ද ඇය වැඩිදුරටත් සඳහන් කළේ ය.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසය.

"මේ දවස්වල ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි බෝවන රෝග පැතිර යෑමේ අවධානමක් තියෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පානය කරන්න. පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතුයි. මේ දිනවල පමණක් හැකිතාක් දුරට අමු එළවළු හා පළා වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. හොඳින් පිසගත් ආහාර පමණක් ලබාගන්න. පිටතින් ලබාදෙන ආහාර කල් නොයවා ඉක්මනින් ආහාරයට ගත යුතුයි. ආහාර පිළියෙල කරගත් පසු මැස්සන්ගෙන් ආරක්ෂා කරගන්න. ගංවතුර පැවති ප්‍රදේශවල ළිං නැවත භාවිතයට පෙර ඉස පිරිසිදු කර ක්ලෝරීන් යොදා පිරිසිදු කළ යුතු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබාගත යුතුයි."

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us