2032 බ්‍රිස්බේන් ඔලිම්පික් පදක්කම් දිනාගන්න රාජ්‍ය හා පෞද්ගලික ටීම් එකක්

Published in පුවත්
Wednesday, 05 June 2024 10:28

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාව 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලියේදී ‘පදක්කම් දිනන රටක්’ ලෙස අදිටන් කරගනිමින් පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් සැලසුම් කරනු ලැබ තිබේ.

එසේ ම, කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2028 වසරේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී කරවා සැලකිය යුතු පරිසාධන මට්ටමක් ළගා කර ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමට රජයේ අපේක්ෂාව වේ.

ඒ අනුව, එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us