ඉන්දියානු ගුරුවරු 2000 ක් මෙහෙ වැඩද?

Published in පුවත්
Wednesday, 05 June 2024 10:33

ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී අද ( 04 වැනිදා) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම ගුරුවරුන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රිවරයා

මෙරට ගුරුවරුන්ගෙන් සපුරාලන්න බැරි ගුරු හිඟයක් වතුකරයේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති පසුගිය කාලයේදී ඉන්දියාවෙන් පැමිණි ගුරුවරු දෙදහසකට වැඩි පිිරිසක් වතුකරයේ පාසල්වල ඉගැන්වීම් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සද්භාවයෙන් ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගන්න ඇති. නමුත් බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරයේ පාසල්වල දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිදු කරනවා කියලා. ඒක මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබුණා. ගුරු හිඟය පියවන්න අපි කටයුතු නොකර බාහිර පාර්ශ්වයන්ට දුන්නොත් ඒ අය එන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ වාර්තා අමාත්‍යාංශයට ලැබුණා ද, එවැනි විස පෙවීමක් වනවා නම් එය වැළැක්විය යුතුයි නේද

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මම මේ අමාත්‍යාංශය භාර ගත් පසු ඉන්දීය ගුරුවරුන්ට මමනම් අවසර දීලා නැහැ. මේ කියන්නෙ ඊට පෙර පැමිණි පිරිසක් ගැන වෙන්න ඇති. නමුත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලය මැදිහත් වෙලා යම් පිරිසක් පැමිණ සිටින බව මම දන්නවා. ඔය කියන ප්‍රශ්න විසඳන්න මම විශාල වෙහෙසක් ගත්තා. විද්‍යාපීඨවලින් වතුකරයට ගුරුවරු සුදුසුකම් ලබන්නේ නැහැ. මම මාස හයක් පමණ සටන් කරලා වතුකරයට ගුරුවරුන්ගෙ ප්‍රශ්න විසඳන්න කටයුතු කරමින් ඉන්නෙ. ගුරු සහායකයො ලෙස දීමනාවක් දීලා බඳවා ගැනීමට 2535ක් පුරප්පාඩු තියනවා. වෙන කවුරුත් ස්වේච්ඡාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මන්ත්‍රිවරයා

ඔබතුමාගේ කාලයේ මේක වුණා කියලා මම කියන්නේ නැහැ. මම කිව්වෙ මාධ්‍ය වාර්තාවක් ගැනයි. ඒ කියන බුද්ධි අංශ වාර්තාව ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.

ඇමැතිවරයා

මම ඒ වාර්තාව ගෙන්වා ගෙන පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් විමසා පැහැදිලි කිරීමක් කරන්නම්.

හනුවර දිස්ත්‍රික් මන්ත්‍රි වේලු කුමාර් ( සජබ)

එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. එහෙම ගුරුවරුන් දෙදහසක් ඉන්දියාවෙන් ඇවිල්ලත් නැහැ. එහෙම යොදවලත් නැහැ. වගකීමෙන් කියන්නේ

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us