සජිත්-අනුර විවාදය කවදා,කොහෙද තියෙන්නේ අහන්න එපා.. ප්‍රතිපත්තියක් තිබෙනවාද අහන්න?   Featured

Published in පුවත්
Wednesday, 05 June 2024 13:55

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා අතර යෝජිත තම තමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති ගැන වන විවාදය අවසන් වරට එළැඹෙන ජුනි 06 එනම් හෙට දිනයේදී පවත්වීම සිදු වෙනු ඇති බවව මෙරට ජනතාව බලාපොරොත්තු විය.

සජබය වෙතින් පක්ෂ දෙකේ ආර්ථික කමි‍ටු අතර විවාදයක් යෝජනා කළ අතර ඒ වෙනුවට ජාජබය පක්ෂ නායකයන් අතර විවාදයක් යෝජනා කරන ලදී. මේ අනුව කවර විවාදයක් තෝරා ගන්නේද යන්න ගැන පක්ෂ දෙක අතර දිගු විවාදයක් පැවැත්විනි.

කොහොම නමුත් අවසන් වරට සජබය, පක්ෂ නායකයන් අතර විවාදයකට ජුනි 6 වෙනිදා කැමැති බව දන්වමින් ආර්ථික කමි‍ටු විවාදය පැවැත්වෙන දිනයක් ජාජබයෙන් බලාපොරොත්තු විය. නමුත් ජාබය ඊට දිනයක් නොදුන් අතර 6 වෙනිදා පක්ෂ නායක විවාදයට සූදානම් බව දන්වා තිබිණි.

එහෙත් ආර්ථික කමි‍ටු විවාදය ගැන ස්ථිර දිනයක් නියම නොවීම මත සජබය පක්ෂ නායක විවාදය ද මඟ හරිමින් තිබෙන බවව මේ වන විට පෙනෙන්න තිබෙන තත්වයය. මේ අනුව පක්ෂ නායක විවාදය නොපැවැත්වෙන බව පැහැදිලිය.

කොහොම නමුත් මේ වන විට පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විමසා බැලුවහොත් පක්ෂ දෙකටම ස්ථිර ප්‍රතිපත්ති නැති බවත් පැහැදිලිය. ඒ අනුව විාදයක් කෙරුණත් විය හැක්කේ විකාරයක් පමණක් විය හැකිය.

සජබ්යේ ආර්ථික කමි‍ටුව ලෙස පෙනී සිටින හර්ෂ දි සිල්වා ප්‍රමුඛ ඉරාන් වික්‍රමරත්න කබීර් හෂීම් යන අය බ්ලූ ප්‍රින්ට් නමින් එළිදක්වන ලද ආර්ථික ප්‍රතිපත්ති ලියවිල්ල සජබයට මේ වන විට සම්බන්ධව සිටින නාලක ගොඩහේවා පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම සජිත් ප්‍රේම්දාසද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් බැහැර තමන්ගෙම වූ ආර්ථික ප්‍රතිපත්ති ගැන මැතිවරණ වේදිකාවන් හී පවසමින් තිබේ.

ජාජබය තුලද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාජබයට සම්බන්ධව සිටින වියතුන්ගේ පාර්ශ්වයේ ප්‍රතිපත්ති අතර ගැටුමක් තිබේ. එය මෙම කණ්ඩායම් දෙකෙහි නායකයන්ගේ ප්‍රකාශන වලින් පැහැදිලිව තිබේ. ජාජබය මීට පෙර ඉදිරිපත් කර තිබු ප්‍රතිපත්ති වල තිබූ දෝෂ නිසා එය ඉවත්කර නව ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබිණි. ඒ අතර ජවිපෙ නලින්ද ජයතිස්ස පවසා තිබුනේ ලිඛිත ප්‍රතිපත්තියක් තමන්ට නැති අතර පක්ෂ නායකයන් පවසන දෑ ප්‍රතිපත්තිය වන බවය.

මේ නිසා එක් එක් නායකයන් පවසන ලද පරස්පර දෑ එම පක්ෂයේ ප්‍රතිපත්තිමය අර්බුදය පෙන්වා දෙනු ලබයි. ඒ අනුව මෙම යෝජිත ආර්ථික විවාදයෙදී වඩාත් විශ්වාසය තැබිය හැකි මත දැක්වීම වනු ඇත්තේ පක්ෂ නායකයන්ගේ පෞද්ගලික විවාදය පමණි. පක්ෂ දෙකටම පිළිගත හැකි ප්‍රතිපත්තියන් නොමැති වුවත් පක්ෂ නායකයන්ගේ පෞද්ගලික මතය හෝ මෙම පක්ෂ වල ප්‍රතිපත්තිය විය හැකි බව පිළිගැනීම වඩා සාධාරණ වෙනු ඇත.

කෙසේ නමුත් පක්ෂ දෙක තුල තිබෙන අභ්‍යන්තර ආරවුල් මත පක්ෂ නායකයන්ගේ ප්‍රතිපත්ති හෝ ඔවුන්ගේ පාලන සමයක දී ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. එසේම රට සම්බන්ධයෙන් කල්පනා කළ විට එය ඉතා අවදානම් සහගත තත්වයක් බවත් පැහැදිලිය.

කෙසේ නමුත් මෙම පක්ෂ දෙකෙහි නායකයන් දෙපොළ අතර හෝ විවාදයක් පැවැත්වීම මෙම පක්ෂ වල ඇත්ත අරමුණු, හැකියාවන්, ආර්ථික අර්බුදයට තිබෙන විසඳුම්, රටේ අනාගත සංවර්ධනය ගැන තිබෙන ඉලක්ක, සහ ඒවායේ ප්‍රායෝගික බව හෝ විකාර සහගත බව ගැන ගැන මේ රටේ ජනතාවට අදහසක් පැහැදිලිව ලබාගැනීමේ අවකාශයක් තිබිණි. නමුත් කවර විවාදයක් හෝ පක්ෂ දෙකම හිතාමාතා මග හැරීම හැර වෙනකක් සිදුව නැත. එය දෙපාර්ශවයට දේශපාලනිකව වාසිදායක බව කල්පනා කරනවා විය හැකිය. මන්ද මේ පක්ෂ අතර විවාදය මෙන් නොව ජනතාව සමඟ විවාදයකට පැටලෙන්න වුවහොත් සිදුවන විනාශය ගැන මේ දෙපිරිසටම අවබෝධයක් ඇති බැවිනි.

එහෙත් ඛේදවාචකය නම් දැන් මැතිවරණ වේදිකා මත සිට කරන ජනප්‍රිය පොරොන්දු දේශපාලනය මත විශේෂයෙන්ම එම පාක්ෂිකයාටත් තම පක්ෂ නායකයන්ගේ මුසා බස් වලට රැවැටීමට සිදුව තිබීමය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us