කුමන ආකාරයේ බාධා පැමිණියද සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්‍රමුඛ වගකීමක්

Published in පුවත්
Wednesday, 05 June 2024 15:51

කුමන ආකාරයේ බාධා පැමිණියද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්‍රමුඛ වගකීම බව අග විනිසුරු ජයන්ත ජයසූරිය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අගවිනිසුරුවරයා මේ බව පවසා සිටියේ ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට අදාලව ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයකට ගත් අවස්ථාවේදීය.

පළාත් පාලන ඡන්ද විමසීමය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් ආයතනය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගයට ගන්නා ලදී.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත් බව කියා සිටියේය. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම හේතුවෙන් මතුවී තිබෙන අපවාදයෙන් ගැලවීම සඳහා රජය විසින් මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව සියලු තීරණ ගනු ලැබුවේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ එකගත්වයෙන් බවත් කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us