‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ ත්‍රිකුණාමලයේ දී

Published in පුවත්
Wednesday, 05 June 2024 16:54

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ ජුනි මස 07 වනදා සහ ජුනි 08 යන දෙදින පුරා ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයකට ගැලපෙන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම මෙහි අරමුණ යි.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සහ ශ්‍රී ලංකික රැකියා අපේක්ෂකයින් සහ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව කේන්ද්‍ර කරගනිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන සාර්ථකව පවත්වනු ලැබේ. එයින් ප්‍රතිලාභ ලබන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම අනුව අනුබද්ධිත සංවිධානයක් වන විගමණික සේවක හරසර, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ ශ්‍රම වාසනා අරමුදල මෙම ප්‍රයත්නයේදී මහජන සුබසාධනය සඳහා ප්‍රදානයන් සිදු කරයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට පාසල් සඳහා ස්මාර්ට් පුවරු සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ ඇතුළු විවිධ සේවාවන් ලැබෙනු ඇති බවද පැවසේ.

ජයගමු ශ්‍රී ලංකා අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල් ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් සඳහා දිරිමත් කරන අතර රැකියා අවස්ථා පිළිබඳ ඉල්ලීම් පිළිබඳවද දැනුවත් කිරීම සිදුවන බවද සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us