අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් 160 ක් වැසේ

Published in පුවත්
Thursday, 06 June 2024 08:00

පාසල් 160 ක් පැවති මහ වැසි තත්ත්වය හේතුවෙන් වසා දමා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 24, කැලණිය කලාපයේ පාසල් 14 ක්, මීගමුව කලාපයේ පාසලක්,හොරණ කලාපයේ පාසල් 21 ක්, මතුගම කලාපයේ පාසල් 9 ක් තවදුරටත් වසා දැමෙනු ඇති.

කොටිකාවත්ත සහ කෙළොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හා සුරක්ෂිතතා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පාසල් අද දිනයේත් වසා තැබෙන බව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පවසයි.

කෙසේ වෙතත් කොළඹ සහ පිළියන්දල කලාපයේ පාසල් අද දිනයේ විවෘතව තැබෙන බව සඳහන් ය.

මේ අතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අද යළි විවෘත කරන බව, දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලය පවසයි.

රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාසවලට අයත් සියලුම පාසල් සඳහා අද දිනයේත් නිවාඩු ලබා දී තිබේ.

නිවිතිගල අධ්‍යාපන කාර්යාලයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් අද වසා තැබෙනු ඇති.

සෙසු පාසල් හෙට යළි ආරම්භ වන බව, සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us