ඩෙංගු රෝගය වර්ධනය විය හැකි ප්‍රදේශවල දුමායන කටයුතු ඇරඹේ

Published in පුවත්
Thursday, 06 June 2024 08:07

ඩෙංගු රෝගය වර්ධනය විය හැකි ප්‍රදේශවල දුමායන කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, තෝරා ගත් ප්‍රදේශ සඳහා දුමායනය සිදු කරන බවයි.

අධික වර්ෂාවත් සමග යළි ඩෙංගු රෝගය වර්ධනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර, ජල ගැලීම්වලින් විපතට පත්වු ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍ය කණ්ඩායම් 25 ක් යොදවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

ගංවතුර වාර්තා වන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්, ජංගම සායන පෙරේදා සිට ආරම්භ කෙරිණ.

අදාල කණ්ඩායම් වෛද්‍යවරුන්,හෙදියන් සහ ඖෂධවේදීන්ගෙන් සමන්විත වෙයි.

ලේකම්වරයා සඳහන් කළේ, අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස සඳහා මී උණ සඳහා අවශ්‍ය ඔෂධ ලබාදීමටද පියවර ගෙන ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us