ආපදාවලින් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළට

Published in පුවත්
Thursday, 06 June 2024 09:10

මහ වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථය සඳහන් කළේ, පසුගිය 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම මරණ වාර්තාවී ඇති බවයි.

දිස්ත්‍රික්ක 13 පුද්ගලයින් දෙලක්ෂ 48,005 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටී.

සුරක්ෂිතතා මධ්‍යස්ථාන 159ක රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 10,833 කි.

අධික වැසි හමුවේ ඇති වූ ආපදාවලින් නිවාස 44ක් සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර, අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4,477 කි.

මේ අතර, කළු හා ගිං ගංගා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇත.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනිකුත් ගංගාවල මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත පවතින ගංවතුර බැස යමින් ඇති බවයි.

ගංවතුර බැස යමින් ඇතත්, එම ගංගා අවට පහත්මිබ්වල ජනතාව තවදුරටත් විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සූගීශ්වර මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

කළුතර , රත්නපුර , කොළඹ , ගාල්ල , හම්බන්තොට , මහනුවර , කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.

-P.M

Last modified on Thursday, 06 June 2024 11:53

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us