ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද

Published in පුවත්
Monday, 10 June 2024 23:40
 

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම පැවසුවේ එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බවය. 

මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට අද පියවර ගත්තේය.

ඒ අනුව අද පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේදී වතු කම්කරු ජනතාව වෙත වැඩි කළ දෛනික වැටුප් ප්‍රදානය කෙරුණි.

මේ අතර, වැඩිකළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පහතරට වතු කම්කරුවන්ගේ සංගමය ඇල්පිටිය නගරයේදී උද්ඝෝෂණයක නිරත විය.

- අද දෙරණ 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us