සංචාරයට ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවත්

Published in පුවත්
Tuesday, 11 June 2024 09:38

සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ.

ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ.

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය.

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බව ද ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබේ.

සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ් සඟරාව පෙන්වා දෙයි.

සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් ද පවතින බව එම වාර්තාවේ සඳහන්ය.

දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

-අද දෙරණ

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us