රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට

Published in පුවත්
Tuesday, 11 June 2024 15:52

ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා.

ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් සමඟ Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට සමත්ව තිබේ.

2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබිණි.

පසුගිය කාලය පුරාම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම මත සිදුකෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අනුව රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ඉදිරියට ගෙන ඒමට හැකිවූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

Last modified on Tuesday, 11 June 2024 16:17

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us