මෙවර යල කන්නයේ වී වගාව සඳහා මුදල් ලබා දීමට පියවර

Published in පුවත්
Tuesday, 11 June 2024 14:38

යල කන්නයේ පොහොර සහනාධාර මුදල් වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 4263ක් ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන මුල්‍යමය සහනාධාරයක් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය.

ඒ අනුව මෙවර යල කන්නයේ දී වී වගාව සඳහා රුපියල් මිලියන 7500ක මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති අතර එම මුදල ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.

මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 05ක වී වගා කිරීමට නියමිතව තිබෙන අතර පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන මුදල් ගොවි ගිණුම්වලටම බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත් බව ගොවි ජන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පවසා තිබේ.

මේ අනුව පසුගිය සතියේ සිකුරාදා (07) දිනය වන විට ගොවි ගිණුම්වලට යොමු කර ඇති පොහොර සහනාධාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 4263කි. ගොවීන් 383,260කගේ ගිණුම්වලට මෙම මුදල් බැර කර තිබේ. මේ වනවිට වී වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 284,023කි. ඒ අනුව වගා කර ඇති සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 85කට පොහොර සහනාධාරය ලබා දී ඇත.

කෙසේ වුවද රජය විසින් මෙම මුල්‍ය සහානාධාර ලබා දෙන්නේ අසීමිත ගැටළු රැසක් මධ්‍යයේ බවත්, එමනිසා මෙම මුදල් යොදා ගනිමින් වී වගාව සඳහා අත්‍යවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාව‌ගෙන් ඉල්ලිමක් කරයි.

බණ්ඩි පොහොර නොයෙදුවහොත් වී අස්වනු අඩුවීමට මෙන්ම ගොයම කහ පැහැතිවීමට ද ඉඩ තිබේ. එමනිසා මෙම මුදල් යොදා ගනිමින් බණ්ඩි පොහොර යෙදීම ගොවි ජනතාවගේ වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us