දිළිදුකම මැඩලීමට කි‍්‍රයාමාර්ග නොගෙන ජනතාව රැවටීමට යත්න දරන ආණ්ඩුවක්

Published in පුවත්
Thursday, 04 September 2014 15:38
ඌව පළාතේ මිනිසුන්ගේ ඡන්ද ඩැහැ ගැනීම සදහා ජනාධිපතිවරයා විසින්  බොරු ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.
 
ඔහු මේ බව සදහන් කොට සිටියේ ඊයේ (03)කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ ආර්ටික සංගණනයකට යයි පවසා රාජ්‍ය නිලධාරීන් ඌවට යැවීම තුළ රජයේ අපේක්ෂාව වන්නේ මැතිවරණ ප‍්‍රචාරණයක් සිදු කිරීම බවයි.
 
''අපි ඒ සදහා විරෝධය පළ කර සිටිනවා. අපි එය මැතිවරණ කොමසාරිස්තුමාටත් දැනුම් දුන්නා. ඒ වෙනුවෙන් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසන් සභාවට ඉදිරිපත් කිරීමටද අපි සූදානම්. ඌවේ දිළිදුකම මැඩලීමට කි‍්‍රයාමාර්ග නොගෙන දැන් දේශපාලන කි‍්‍රයාදාමයන් හරහා ජනතාව රැවටීමට ආණ්ඩුව යත්න දරමින් සිටිනවා.කලින් වතාවේ ලංකාවට තෙල් නිධියක් ඇති බව පවසා ජනතාව රැවටූ ජනාධිපත්වරයා දැන් මුහුදු ජලය පිරිසිදු කර බීමට දෙන බවට මුසා පවසනවා. මෙය හදෙන් හාල් ගෙන එනවා බදු කතාවක් පසුගිය දා මොණරාගල දිස්ති‍්‍රක් ලේඛම් කාර්යාලය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය. එහිදී දේශපාලනය කතා කරනවා.එය මැතිවරණ වාසි තකා අයුතු ලෙස නිල බලය යොදා ගැනීමක්''
 
මෙරට පවතින මැතිවරණ ක‍්‍රම‍යේ පවතින දුර්වලතා පිළිබදවද ඔහු පැවසුවේය. පවතින මැතිවරණ ක‍්‍රමය හරහා සිදුවන්නේ මහජන මුදල් නාස්තියකි.එමෙන්ම කඩින් කඩ ඡන්ද පැවැත්වීමද ඒ සදහා හේතුවකි.ඡන්ද ගණන කිරීමේදී සිදුවන කාලය,ධනය,ශ‍්‍රමය නාස්තිය වලකා ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක‍්‍රමය හදුන්වා දීම වැදගත් පියවරක් ලෙස ගත හැකියි. එය ඉන්දියාවේ පවා කි‍්‍රයාවට නංවන්නකි.ඡන්ද පොළේ දීම ඡන්දය ගණන් කිරීමේ ක‍්‍රමවේදයකට යාමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
 
අමාත්‍යවරයා ඌවේ ජනතාවගෙන් ඉල්ලා සිවියේ මේ රටේ අනාගතය උදෙසා තීරණයක් ගන්නා ලෙසයි. දේශපාලන පෙරලියක් උදෙසා තම මතය ප‍්‍රකාශ කිරීමට එජාපය සමග එක් වන ලෙස ඔහු ආයාචනා කළේය.
 
එජාප යේ 68 වන සංවත්සරය සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතය. පක්ෂ මූලස්ථානයේ දී පවත්වන එම අවස්ථාවට  පස්වරු 2.00 ට ඒ සදහා සහභාගි වන ලෙස තිස්ස අත්තනායක මහතා විවෘත ආරාධනාවක් ඉදිරිපත් කරයි.
ඌව මැතිවරණයද ඉලක්ක කර ප‍්‍රසිද්ධ රැස්වීමක් ලෙස එම උත්සවය පවැත්වීමට නියමිතය. 
 
 
 
Last modified on Thursday, 04 September 2014 15:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us