ජල නලයක් පිපිරීමෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම අත්හිටුවයි

Published in පුවත්
Monday, 17 June 2024 09:48

කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වි තිබේ.

අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පවතින අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ.

මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us