වසරේ පළමු කාර්තුවෙදීම කර්මාන්ත අංශයෙ කැපී පෙනෙන වර්ධනයක්

Published in පුවත්
Monday, 17 June 2024 10:02

2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශය 11.8 % කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා එළිදැක්වූ වාර්තාවට අනුව මෙම දත්ත සටහන් වී ඇත.

මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2022 අවසන් කාර්තුවේදී 12 % කටත් අඩු සෘණ ආර්ථිකයක් වාර්තා වූ රටක් ලෙස , මෙම තත්ත්වය දෙස සැබෑ ඇසකින් සාධනීයව බලන පිරිසට ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන දෙස බලාපොරොත්තුවකින් බැලිය හැකි තත්ත්වයක් බවයි.

ලෝක බැංකු පුරෝකතනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව 2.2 % කින් මෙම වසර තුළදී වර්ධනය වෙනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය සෘණ 7 ඉක්මවා වාර්තා වූ රටක , වසර දෙකක් තුළ 2 % ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකිවීම ඉතා හොඳ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිලිවෙල පැහැදිලිව අනුමත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර , කෙසේ වෙතත් ඉතා ප්‍රවේශමෙන් ඉදිරි ගමන යා යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇති බවද එහිදී ප්‍රකාශ කර සිටියා.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us