උදාර සොයිසාගේ කාර්යාලයට ගිණි තියලා

Published in පුවත්
Friday, 05 September 2014 12:16

සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.  

අද (05) අලුයම 4.00 ට පමණ බුත්තල 11 කණුව දොඩංගහවත්ත පිහිටි එජනිස අපේක්ෂක අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ගේ පුත්  උදාර සොයිසා මහතාගේ  කාර්යාලයට ගිණි තබා ඇතැයි 'කැෆේ'  සංවිධානය වාර්තා කරයි 

එහි තිබූ භාණ්ඩ විනාශ ප්‍රමාණයක් ද විශාල කටවුට් 3 ක් ප්‍රහාරයෙන් විනාශ වී ඇත. 

ප්‍රහාරයට පෙර දින මෙම කාර්යාලයේ සවි කොට තිබූ  ප්ලෑෂ් ලයිට් දෙකක් සැප්. 3 දින රාත්‍රී ගලවා ගෙන ගොස් තිබුණි. 

මෙම ප්‍රහාරය මෙයට පෙර මොණරාගල එජාප සහ ජවිපෙට සිදු කළ ප්‍රහාරයන් ට බොහෝ සෙයින් සමාන වේ.  


ගැටුමෙන් අලාභිහානි වූ කණ්ඩායම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ‘පිටතින් පැමිණි නාදුණන පිරිස්‘ බව පවසති. 



ඇමති සමෘද්ධි කළමනාකරුට පහරදේ :


මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සෙම්පතිගම සමෘද්ධි කාර්යාලයට පැමිණි ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමෘද්ධි කළමනාකාර දයානන්ද මහතාට පහරදී ඇත. 


මැතිවරණයට එකම දේශපාලන පක්ෂයෙන් තරග වදින තම පුතාට විරුද්ධව ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රධාන ඇමති අපේක්ෂකවරයාට සහාය දීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.  


එකම දේශපාලන පක්ෂයෙන් ගැටුමක් බැවින් මේ පිළිබද පොලිස් පැමිණිල්ලක් සිදු කොට නොමැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us