මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.
නඩුවේ පළමු විත්තිකරු අධිකරණය හමුවේ කියාසිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි. ඒ අනුව ඔහු ලබන 3 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කෙරුණු අතර එදිනට යළි නඩු විභාගය සිදු කිරීමට නියමිතය.
අදාළ නඩුව පසුගිය 22දා මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කර්නල්වරයෙක් වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකරු මෙලෙස වරද පිළිගෙන තිබුණි.
ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කිරීම අදට (05) සිදුකරන බව මහාධිකරණ විනිසුරුවරයා එදින දැනුම් දුන්නේය.
ඒ වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.
2008 වසරේ අනුරාධපුරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
අනුරාධපුර මහාධිකරණයේ දී විභාග වන මෙම නඩුව සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත් කර ඇත.
උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...